ගල්කිස්ස මහා හෝටලය හා බැඳී ජනප්‍රවාදයක් ලෙස
තෝමස් මේට්ලන්ඩ් සහ ලොවීනා අපෝන්සුවා පෙම් පුවත ඉතාමත් ප්‍රසිද්ධ වූ කතා පුවතකි.
ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි අධිරාජ්‍ය පැවති කාල වකවානුවේ එවකට ශ්‍රී ලංකාව හැඳින්වූයේ
“Ceylone” යනුවෙනි. 1805-1811 යන කාලයේ මෙරට දෙවන ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා
වශයෙන් කටයුතු කරන ලද්දේ සර් තෝමස් මේට්ලන්ඩ් නැතහොත් ටොම් රජු ය. ඔහු ගල්කිස්සෙන්
ලත් ඉඩමේ සිය පෞද්ගලික වාසස්ථානය ගොඩනැගුමට ඉටා ගත්තේය. ලොවීනා ගේ නිවස ඊට යාබදව
පිහිටා තිබීම ඊට එක් හේතුවක් වේ. නමුදු
තවත් සමහරෙකු පවසා ඇති අන්දමට ලොවීනා ගේ නිවසද මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා විසින්
සාදා දී ඇති බව ජනප්‍රවාදයයි. පුරා කතාවට අනුව මෙම කාල වකවානුවේ ආණ්ඩුකාර
මාළිගයෙහි නර්තනයේ යෙදුනු පෘතුගීසි හා සිංහල සම්භවයක් ඇති ලොවීනා අපෝන්සුවා නමැති
නාටිකාංගනාව සමග ඔහු පෙමින් වෙලිනි. ඇය ග්‍රීක දෙවඟනකට සමාන බව කියැවේ. නමුත් ටොම්
රජු දිවයිනට පැමිණි අවස්ථාවේදී ලොවීනා, පිළිගැනීමේ නර්තනයේ යෙදුන බවත් එහිදී ඔහුට ලොවීනා
කෙරෙහි ප්‍රේමයක් හටගත් බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. මොවුන් දෙදෙනා විවාහ වී සිටි
බවට එක් මතවාදයක් පවතින අතර මෙම සම්බන්ධය නිසාවෙන් උඩුකය නිරුවත් තම කුලේ කාන්තාවන්ට
විලි වසා ගැනීමට අවශ්‍ය වූ නීතිමය අවකාශය ආණ්ඩුකාරවරයා විසින් සකසා දුන් බවද ජනප්‍රවාදයේ
කියැවේ. මීට අමතරව මෙතෙක් වාසය කල තනි පලයේ නිවෙස් වෙනුවට
අනෙක් සාමාන්‍ය මිනිසුන් මෙන් පල දෙකේ වහල ද
වරිච්චි බිත්ති සහිත කොළ අතු වෙනුවට පිරුදු මානා සෙවිලි කල නිවෙස් සෑදීමට
ද යාචක රැකියා වෙනුවට තමන් කැමැති කර්මාන්තයන්හි
යෙදීමට ද අවශ්‍ය අවසර සහිත නියෝගයක් ආණ්ඩුකාරවරයා
විසින් නිකුත් කල බව ජනප්‍රවාදයේ සඳහන් වේ. පහත් කුලයක් වන රොඩී කුලයට අයත් ලොවීනා
හමුවීම සදහා සිය නිවහන ගොඩනැගෙන අතරවාරයේ එහි සිට එය අසබඩ පිහිටි ලොවීනා ගේ නිවසට
රහසිගත උමගක් ඉදිකිරීමට ඔහු වග බලා ගත්තේය. මෙසේ උමං මාර්ග 17ක් මාළිගයේ සිට ලොවීනා ගේ නිවස වෙත ඔහු භාවිතා
කර ඇත.
තෝමස්
මේට්ලන්ඩ් හා ලොවීනා අපෝන්සුවා
ආණ්ඩුකාරවරයාගේ වයින් ගබඩාවෙන් පටන්ගෙන ඇයගේ නිවහනින් කෙලවර වෙන මෙම ප්‍රධාන
උමග ඔවුනට රහසිගතව හමුවීමට ඉඩ පෑදුවේය. එනමුදු විවිධ කටකතාවන් මගින් මෙය පිලිබඳ
දැනගත් බ්‍රිතාන්‍ය කිරීටය තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා හට 1811දී ලංකාව හැරදමා
මොල්ටාවට දඬුවම් මාරුවක් ලබා දෙන අතර එහිදී ඔහු තනිකඩයෙකු ලෙසම මියැදී ඇත.
සිය
පෙම්වතා හිමි කර ගැනීමට නොහැකි වූ ලොවීනා, මාළිගාව දෙස බලා සුසුම්ලමින් ගල්
කුලකින් පැන දිවිනසා ගත් බවට ජනප්‍රවාදයේ සඳහන් වේ. එසේම තම නිවහනේ සදළුතලයෙන් පැන
දිවි නසාගත් බවටද මතයක් පවතියි. ඇයගේ මෘත ශරීරය නූතන හෝටලය අසළ ඇති පල්ලියේ තිබෙන
බවටද ජනප්‍රවාද පවතියි. පසු කලෙක මෙම ගල්කිස්ස නමැති නගරය Mount Lavinia යනුවෙන්
ඇයව සිහිවීම පිණිස නම් කරන ලදී. බොහෝ අවස්ථාවන්හි දී ලොවීනා ගේ නිවස අසල ඇති පර්වතයක්
මත සුදු පැහැයෙන් සැරසී කාන්තාවක් සිටීම හා ඇය ලොවීනා හා සමාන හෙයින් එම නගරය
Mount Lavinia ලෙස නම් කල බව සඳහන් වේ.මොවුන් දෙදෙනාගේ ප්‍රේම වෘතාන්තයට එකඟ නොවූ
බ්‍රිතාන්‍ය කිරීටය කිසිදු අයුරකින් සාධකයන් ඉතිරි නොකිරීමට වග බලා ගත්හ.එහි ප්‍රථිපලයක්
ලෙස ඒ හා සම්බන්ධ සියලු තොරතුරු හා ලේඛනයන් විනාශ කරන ලදී. අද වන විට ද හෝටලයේ ඒ හා
සම්බන්ධ කිසිදු ලේඛනයක් හමුවී නොමැති අතර රහස් උමං මාර්ගය හා ආණ්ඩුකාරවරයා භාවිතා
කල කාමරය පමණක් ඉතිරි වී ඇති සාධක ලෙස දක්වා ඇත.
මෙහි දැක්වෙනුයේ ප්‍රධාන උමං මාර්ග අභ්‍යන්තරයයි. 1877දී උමං
මාර්ග හරස්කොට දුම්රිය මාර්ග ඉදි කෙරුණි. 1920දී පමණ උමග වසා දැමුණු අතර මන්දිරය
වටා වූ අහිගුණ්ඨික රොඩී ගම්මානය නවීන නගරයක් බවට සංවර්ධනය විය. ආණ්ඩුකාර මේට්ලන්ඩ්
ගෙන් පසු බලයට පැමිණි එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ සමයේ එනම් 1820දී එම ආණ්ඩුකාර
මාළිගය කාමර සහිත දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස නිර්මාණය කරන ලදී. එහිදී ගොඩනැගිල්ල
පවත්වා ගෙන යාම සඳහා විශාල මුදලක් වැය වූ අතර එනිසාවෙන් 1927දී එය ආතර් එෆ්රෞම්ස්
(Arthur Ephraums) වෙත අලෙවි කරන ලදී. දෙවන ලෝක සංග්‍රාමය කාලයේදී හෝටලය බ්‍රිතාන්‍ය
හමුදාව විසින් හමුදා රෝහලක් ලෙස භාවිතයට ගත් බවත් යුද්ධයෙන් අනතුරුව 1947දී
ගල්කිස්ස මහා හෝටලය ලෙස ප්‍රතිස්ථාපනය කල බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. යුද්ධය
අතරතුර රෝහල් ශාලා තුල ඇඳන් පිරවීම හා තුවාල වූ සොල්දාදුවන් රෝහලට ප්‍රවාහනය සිදු
කර ඇත. මෙම මාළිගාව හෝටලයක් ලෙස ප්‍රතිස්ථාපනය කිරීමට ප්‍රථම රොබට් බ්‍රව්න්රිග්
සහ එඩ්වඩ් බාන්ස් යන ආණ්ඩුකාරවරුන් මෙහි පාලනය කර ඇත. එකල හෝටලයේ රැඳී සිටි අමුත්තන් ලෙස බෙල්ජියමේ ලියෝපෝල්ඩ් රජු
(Leopold King Of
Belgium), ලේඛක සොම්ර්ස්ට් මවුම් ( Writer Somerest Maum), නළු විවියන් ලීහ් (Actor Vivien Leigh), ක්ර්ක් ඩග්ලස් සහ ග්‍රෙගරි පෙක් (Kirk Dougles & Gregory Peck) යන පුද්ගලයන් සඳහන් වේ. එමෙන්ම The Bridge Of The River Kwai නමැති චිත්‍රපටයේ යම් යම් දර්ශන ද මෙම හෝටලයේ රූගත කර ඇත.
ලොවීනා ගේ නිවසෙහි සදළුතලයට
ආණ්ඩුකාර මාළිගය මැනවින් දිස්වන අතර එම නිවසේ අද වන විට ගල්කිස්ස බෞද්ධ බාලිකා
නමින් පාසලක් පවත්වාගෙන යනු ලබයි. එහි ගෘහ නිර්මාණ ශිල්පය අතීතයේ පැවති ආණ්ඩුකාර
මාලිගයේ ගෘහ නිර්මාණ ශිල්ප හා බෙහෙවින් සමානකමක් දක්වන බව ජන මතයයි.
මහෝගනී
දැව යොදා ගනිමින් මදින ලද පොළොවකින් යුත් අලංකාරවත් ලෙස සැලසුම් කර ඇති මෙම ආණ්ඩුකාර
මාලිගාව පෞරාණික ප්‍රෞඩත්වය මැනවින් විදහාපානු ලබයි. මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ රාජකාරි
කාමරය ,හෝටලයේ ඉහළ මාලයේ තිබෙන අතර එය ඔහුගේ
මහා මන්දිරයේ ප්‍රධාන කොටසක් ලෙස ද ජනප්‍රවාදයේ සඳහන් වේ. ඔහුගේ බොහෝ
රැස්වීම් එහි පවත්වා තිබෙන බවටද මතයන් පවතියි. දැනට හෝටලයේ පිවිසුම් දොරටුව අභියස
ඇති ජල උල්පත මැද ඇති කාන්තා/ගැහැණු ළමයෙකුගේ පිළිරුව ලොවීනා ගේ යැයි ජනප්‍රවාදයේ
කියවේ.එය ජනප්‍රවාදයක්
පමණක් බවත් එම පිළිරුව හෝටලයේ අලංකාරය සඳහා නිර්මාණය කල බවත් හෝටලය මගින් පවසා තිබේ.
ඊට අමතරව එකල තිබූ පාලනය නූතන හෝටලයේ සිටින සේවකයන් පළඳිනු ලබන රාජකීය ගණයේ ඇඳුම්
පැළඳුම් වලට හේතුවක් ලෙස ජනප්‍රවාදයේ සඳහන් වන අතර අතීතයේ සිටි පොලිස් නිලධාරින් හා දොරටු පාලකයන් එම ඇඳුම්
පැළඳුම් හා සමාන ලෙස පැළඳීම් භාවිතා කොට ඇත.
එසේම හෝටලයේ ප්‍රධාන
ආහාර වට්ටෝරු අතර අතීතයේ ආණ්ඩුකාරවරුන් විසින් ආහාරයට ගත් වට්ටෝරු කිහිපයක් ද අද
වනවිටත් හෝටලයේ Governor’s Restaurant හි පිළියෙළ කරනු ලබයි. ඒවා අතර “ලැවීනියා”,
“කොලෝනියල්” හා “ගවර්නර්ස්” කෑම වට්ටෝරු වේ. මිලෙන් අධික වුවද එම ආහාර හෝටලය තුල
ඉතාමත් ජනප්‍රිය ආහාර ලෙස සැලකේ.හෝටලයේ නූතන නිල ලාංඡනයේ ඇති සිංහයන් දෙදෙනෙකු
දෙපසින් අල්ලාගත් පළිහ හා ඒ මත පිහිටි ඔටුන්න මගින් අතීතයේ පැවති ඉංග්‍රීසි පාලනය හා
ලංකාව ඉංග්‍රීසි යටත්විජිතයක්ව පැවතීම පිලිබඳව ද මනාව පිළිඹිබු වේ. සරලව කිවහොත් බලය හා අධිකාරය පිළිබඳව එම ලාංඡනය මගින්
විදහාපානු ලබයි. මේ
අනුව ආණ්ඩුකාර තෝමස් මේට්ලන්ඩ් විසින් තම නිවස ලෙස අඩිතාලම දැමූ එම මාළිගය අද වන
විට තරු පන්තියේ හෝටලයක් බවට පත් වී ඇත. මෑතකදී
හෝටලයට වසර 210 සපිරීම නිමිත්තෙන් එළිදැක්වූ සුවඳ විලවුන් මගින් සිය විශ්වාසනීය
උරුමයක් වන “තහනම් ආදර කතාව” පිළිබඳ නැවත වරක් අප මතකයට නංවනු ලබයි.
වසර 200කට එහා අතීතයක් ඇති මෙම හෝටලය ශ්‍රී
ලංකාවේ පැරණිතම හෝටල් ගෙන් එකකි. හෝටලයට වෙරළ
තීරය මගින් තවත් සුන්දරත්වයක් එක් කරනු ලබන අතර බොහෝ මංගල උත්සව සඳහා නූතනයේ මෙම
හෝටලය භාවිතා කරනු ලබයි. කෙතරම් කාලය ගලා ගියද ස්ත්‍රියක, සම්භාවනීය ආණ්ඩුකාර හදවත අල්ලා ගත්
ආකාරය, රහස් උමගේ ආදරණිය හමුවීම්, මෙස්මිසෝ නර්තන මතකයන් මෙන්ම එම ආත්මයන් ගල්කිස්ස
මහා හෝටලය හා අවට ප්‍රදේශ පුරා අදටත්
ජීවමාන සාධකයන් ලෙස පවතිනු නොඅනුමානයි.
No comments:
Post a Comment